Category: Other Sports

විරේන් නෙත්තසිංහට ඉරානයේදී ලෝකඩ පදක්කමක්

32වන වරට ඉරානයේ දී පැවති Fajr ජාත්‍යන්තර අභියෝගතා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලිය පසුගිය ජනවාරි මස 29 වනදා සිට පෙබරවාරි මස 4වනදා දක්වා ඉරානයේ Yazd හිදී පැවැත්විණි. තරගාවලියේ සුපිරි 64 දෙනාගේ වටයේ දී ඉරාන ක්‍රීඩක මොහොමඩ් පෙයර්වන්ඩ් ලකුණු 21-5ක් හා 21-11 ලෙසින් පරාජයට පත් කරමින් […]

ලුවිස් හැමිල්ටන් මර්සිඩීස් අතහැර ෆෙරාරි වෙතට

ලුවිස් හැමිල්ටන් 2025 තරගවාරය සඳහා ෆෙරාරි සමගින් එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. හත් වරක් ෆෝමියුලා වන් ශූරයා ලෙසින් කිරුලු දැරූ ලුවිස් හැමිල්ටන් 2025 තරග වාරයේ සිට මර්සිඩීස් අත් හැර ෆෙරාරි සමගින් එක්වනු ඇත. හැමිල්ටන් 2025 වාරයේදී චාල්ස් ලෙක්ලර්ක් සමඟ එක්ව තරග කිරීමට නියමිත බව BBC වාර්තා කොට ඇත. 39 හැවිරිදි ඔහු පසුගිය […]

ජාතික බේස්බෝල් තරගාවලිය අද සිට

ජාතික බේස්බෝල් සම්මේලනය විසින් පවත්වන ජාතික බේස්බෝල් තරගාවලිය අද සිට දියගම ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 19ක් සහභාගි වෙයි. තරගාවලිය වෙනුවෙන් තරග 18ක් ඇතුළත් වන අතර අවසන් මහා තරගය ජනවාරි මස 21වනදා පැවැත්වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් සහභාගි වන කණ්ඩායම් පහත පරිදිය. යුධ හමුදා ක්‍රීඩා සමාජයගුවන් හමුදා ක්‍රීඩා සමාජයනාවික හමුදා ක්‍රීඩා සමාජයරිච්මන්ඩ් බේස්බෝල් […]

හොකී ක්‍රීඩාවේ අභිවෘද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය දක්වයි

මේ වන විට අබලන් තත්වයේ ඇති ටොරින්ටන් හොකී ක්‍රීඩාංගණය ඉකමින් නවීකරණය කරන බවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා සදහන් කොට ඇත. ක්‍රීඩා රාජ්‍යය අමාත්‍යවරයා ටොරින්ටන් හොකී හා පැසිපන්දු ක්‍රීඩාංගණ නිරීක්ෂණය වෙනුවෙන් පැමිණි අවස්ථාවේ මේ බව සදහන් කොට සිටියා. මෙම ක්‍රීඩාංගණ වසර කිහිපයකින් නවීකරණය කර නොතිබීම හේතුවෙන් ඒවා දැඩි අබලන් තත්වයේ පවතින අතර ක්‍රීඩා කිරීමට […]

යොවුන් ස්කොෂ් ශූරයාට මිලියන 1.5 ක අනුග්‍රාහකත්වයක්.

ආසියානු කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ රැඳි සිටින, අඛණ්ඩව වසර තුනක් ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරයා වූ නෙවිදු ලක්මන් ක්‍රීඩකයා වෙත විදුලංක පෞද්ගලික සමාගම වෙතින් රුපියල් මිලියන 1.5 ක මූල්‍යමය අනුග්‍රහයක් ලබා දී ඇත. ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය පුහුණුවීම් ලබා ගැනීමට සහ ඔහුගේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු කිරීමටත් ඉදිරි PSA සහ ජාත්‍යන්තර තරඟාවලි සඳහා […]

රවිදු ලක්සිරි අඛණ්ඩව 11 වන වරටත් ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු පළදියි

43 වන ජාතික ජ්‍යෙෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගිය දා ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි. මෙවර තරගාවලියේ ද පිරිමි කේවල අංශයේ ශූරතාවය දිනාගැනීමට හිටපු DS සේනානායක විද්‍යාලයීය ක්‍රීඩක රවිදු ලක්සිරි සමත් විය. රවිදු ලක්සිරි ජාතික ස්කොෂ් ශූරයා ලෙසින් කිරුලු දැරුවේ පිට පිට 11වන වරටය. ජාත්‍යන්තර ස්කොෂ් ශ්‍රේණිගතකිරීම් හි 140වන ස්ථානයේ රැඳෙන රවිදු ලක්සිරි හමුවේ අවසන් […]

බුවනෙක හා රනිත්මා මෙවරත් බැඩ්මින්ටන් කිරුල රැකගනී.

71 වන ජාතික බැඩ්මින්ටන් තරගාවලිය පසුගියදා කොළඹ 7 පිහිටි වෙළද සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය. තරගාවලියේ පසුගිය වර ශූරයා හා ශූරිය ලෙසින් කිරුලු දැරූ බුවනෙක හා රනිත්මා මෙවරත් ශූරතාවය දිනාගැනීමට සමත් විය. තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනාගැනීමට හිටපු රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩක බුවනෙක ගුණතිලක සමත් විය. ඔහු හමුවේ අවසන් මහා […]

20න් පහළ A කොටසේ පැසිපන්දු ශූරතාවය කොළඹ DS සේනානායක විද්‍යාලයට

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් A කොටසේ පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබුවේ කොළඹ DS සේනානායක විද්‍යාලය සමගින් කොළඹ සාන්ත පීතර විද්‍යාලයයි. තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය පැසිපන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි. තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර නියමිත කාලසීමාව අවසානයේ […]

වෙළඳ සේවා හොකී ශූරතාවය කොමර්ෂල් බැංකු කණ්ඩායමට

වෙළඳ සේවා හොකී තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට කොමර්ෂල් බැංකු හොකී කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමිනි. තරගාවලිය පසුගිය නොවැම්බර් මස 19වනදා කණ්ඩායම නැවත වරක් ඔවුන්ගේ බැංකු ප්‍රතිවාදී හැටන් නැෂනල් බැංකුව පරදවා වෙළෙඳ සේවා 9A පැති හොකී තරගාවලියේ අපරාජිත ශූරයන් බවට පත් වූ අතර, තරගාවලිය 2023 නොවැම්බර් […]

IWF Grand Fix ll බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

දෝහා කටාර් හි පැවැත්වෙන IWF Grand Fix ll ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් හා එක් ක්‍රීඩිකාවක් සහභාගි වීමට නියමිතයි. ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමට ද මෙම තරගාවලිය උපකාරි වන අතර තරගාවලිය දෙසැම්බර් 04වනදා ආරම්භ වනු ඇත ඒ අනුව, ඉන්දික දිසානායක පිරිමි 73kg බර පන්තිය යටතේ ද, ඉසුරු කුමාර පිරිමි […]

14 වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

14 වන ලෝක කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය නොවැම්බර් මස 06වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ වොන්ජු හීදී පැවැත්විණි. කොරියාවෙහි ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය හා ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ නිළධාරීන් […]

ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියක් කොළඹදී

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation – THF) හී ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලියක් එළඹෙන දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ […]

Back To Top