යුරෝපීය ක්‍රිකට් ලීග් තරගාවලි මාලාව යටතේ පැවති සයිප්‍රස් අදියරේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම ඊයේ දිනයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී පංජාබ් ලයන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. කණ්ඩායම් 10ක් තරඟ වැදුනු මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සියලු තරග ජයගෙන අපරාජිතව ශූරතාවය දිනාගැනීමට සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පංජාබ් ලයන්ස් කණ්ඩායම පන්දුවාර දහය තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම පන්දුවාර 6.4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 118ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. එහිදී අකිල කලුගල පන්දු 21කදී වේගවත් ලකුණු 68ක් නොදැවී රැස්කිරීමට සමත් වුණා.

ඒ අනුව පළමු වරට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා. මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේද ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම නියෝජනය කළ අකිල කලුගල යි. ඔහු තරග 10 තුළදී ලකුණු 439ක් රැස්කිරීමට සමත් වුණා.තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ ශ්‍රී ලංකා ලයන්ස් ක්‍රීඩක රොෂාන් සිරිවර්ධන කඩුලු 11ක් දවාගැනීමට සමත් වුණා.