IPL තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ පවත්වන්නැයි ඉල්ලීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන සම්බන්ධයෙන් මේ වන විට පුවත් රැසක් නිර්මාණය වී පවතී. ඊට හේතුව බවට පත් ව ඇත්තේ මෙම වසරේ අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණය සමඟ තරඟාවලිය ගැටෙන බැවිනි.

ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාව තුළ පවත්වන BCCI ලේකම් ජේ ෂාගෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති බවට ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කොට ඇත.

මීට පෙර, IPL තරඟාවලිය මාර්තු 22 සිට ආරම්භ වන බවත්, සියලුම තරඟ ඉන්දියාවේ පැවැත්වෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ BCCI ලේකම් ජේ ෂා සිදුකළ සාකච්ඡා වලින් පසුවයි. නමුත් හරීන් ප්‍රනාන්දු මහතා හා ජේ ශාහ් අතර පැවති හදිසි හමුවකදී හරීන් ප්‍රනාන්දු විසින් ඉල්ලීමක් කොට ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් මෙරටදී පවත්වන ලෙසටයි.

Back To Top