කොල්කටා පිළට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු වැඩිවේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (3) දිනයේදී පැවැත්විණි.ඊයේ දිනයේදී පැවති තරගයන්ගේ ජයග්‍රහණය තහවුරු කොට ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් බැංගලෝර් කණ්ඩායම අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලැබීය.

පළමු තරගය

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස්කිරීමට සමත් විය. බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් නායක විරාට් කෝලි ලකුණු 40ක් රැස්කිරීමට සමත් විය.

තරගාවලියේ දක්ෂතා අතර රැදීසිටින ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 33කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමගින් වේගවත් ලකුණු 57ක් රැස්කිරීමට සමත් විය. ඉන් එක් හයේ පහරක් සාජා ක්‍රීඩාංගණයෙන් ඉවතට එල්ල කරන්නට මැක්ස්වෙල්ට හැකිවිය. පන්දු යැවීමේදී මොයිසස් හෙන්රික්ස් හා මොහොමඩ් ශාමි කඩුලු 3 බැගින් බිදහෙලීය.ඉලක්කය හබායාමට පිටියට පිවිසි පංජාබ් පිළේ ආරම්භ සුපුරුදු ලෙසින් සාර්ථක වුවද නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 158ක් පමණි.

ආරම්භක පිතිකරු යුගලය වූ මයාන්ක් අගර්වාල් පන්දු 42කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 57ක් රැස්කරද්දී ලෝකේෂ් රාහුල් පන්දු 35කදී ලකුණු 39ක් රැස්කළේය. යළිත් වරක් තැඹිලි පැහැති හිස්වැසුම ඊයේ දිනයේදී රාහුල් සතුවිය. පන්දු යැවීමේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් යුෂ්වේන්ද්‍රන් චහල් ලකුණු 29කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. මෙම ජයත් සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බැංගලෝර් කණ්ඩායම සමත් විය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් : 164-7 (20.0)
ග්ලෙන් මැක්ස්වෙල් 57(33),විරාට් කෝලි 40(38)
මොයිසස් හෙන්රික්ස් 3/12, මොහොමඩ් ශාමි 3/39

පංජාබ් කිංග්ස් : 158-6 (20.0)
මයාන්ක් අගර්වාල් 57(42), ලෝකේෂ් රාහුල් 39(35)
යුෂ්වේන්ද්‍රන් චහල් 3/29, ජෝජ් ගාට්න් 1/29

දෙවන තරගය

ඊයේ රාතියේදී දෙවන තරගය පැවැත්වූයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් සන්රයිසස් නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. නමුත් නියමිත පන්දුවාර විස්ස අවසානයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 115ක් පමණි.

සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 26ක් රැස්කළේ පන්දු 21කට මුහුණ දෙමිනි. පන්දු යැවීමේදී ටිම් සවුති, වරුන් චක්‍රවර්තී හා ශිවාම් මාවි කඩුලු 2බැගින් බිදහෙලීය. පහසු ඉලක්කය හබායාමට පිටියට පිවිසි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19 පන්දු 4ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් විය.

ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 51කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 57ක් රැස්කිරීමට සමත් විය. නිතිෂ් රනා ලකුණු 25ක් හා දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 18ක් රැස්කිරීමට සමත් විය. ජේසන් හෝල්ඩර් පන්දු යැවීමේදී ලකුණු 32කට කඩුලු 2ක් බිදහෙලීය.

සන්රයිසස් හයිද්‍රාබාද් : 115-8 (20.0)
කේන් විලියම්සන් 26(21), අබ්දුල් සමාඩ් 25(18)
ටිම් සවුති 2/26, වරුන් චක්‍රවර්තී 2/26, ශිවාම් මාවි 2/29

කොල්කටා නයිට්රයිඩර්ස් : 119-4 (19.4)
ශුබ්මන් ගිල් 57(51), නිතිෂ් රනා 25(33)
ජේසන් හෝල්ඩර් 2/32

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top