මහේලට අවසන් ක්‍රීඩකයන් 11 තේරීමට අවසර

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙසින් පසුගියදා පත් කෙරිණි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරන අතර එම වටයේදී මහේලගේ දායකත්වය කණ්ඩායමට හිමිවනු ඇත.

මහේල ජයවර්ධනට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා අදහස් පළ කොට ඇත.

” ලෝක කුසලාන සංචිතය තේරීම් කමිටුව විසින් තොරලා තියෙනවා. ඒ හංද ඔහුට ඒකට කරන්න දෙයක් නෑ. නමුත් ක්‍රීඩා කරන අවසන් 11 දෙනා තෝරාගැනීමට මහේල සම්බන්ධ වෙනවා. මහේල දැන් නිළ වශයෙන් ශ්‍රී ලංකා සංචිතයේ කොටස්කරුවෙක්. ඔහුගේ දැනුම හා ප්‍රවීණතාවය තරග උපක්‍රම සැකසීම වෙනුවෙන් යොදාගන්නවා. ඔහු තරගාවලියේදී තේරීම් කමිටු රැස්වීම් වෙනුවෙන්ද එක්වීමට නියමිතය.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේදී කණ්ඩායමේ උපදේශකයකු ලෙස ටොම් මූඩි කටයුතු කළේය. මහේල ජයවර්ධන සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා තවදුරටත් සිය අදහස් දක්වා ඇත.

” මහේලගේ පත්වීම නිශ්චිත කාලයක් සදහා පමණයි. ඔහුව පත් කරල තියෙන්නෙ ඔක්තෝබර් 16-23 කාලසීමාවට. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසු ඔහුගේ පවුල සමග කාලය ගත කිරීමට ඔහුට අවශ්‍යයි. ඒ වගේම ඔහුට 19න් පහළ කණ්ඩායමට ඔහුගේ මූලික දායකත්වය සැපයිය යුතු නිසාත් ජාතික කණ්ඩායම සමග සිටීමට බලපෑම් කළේ නෑ”

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top