Melwire Rolling ක්‍රීඩකයන් පළමු වෙළඳ සේවා ශූරතාවය දිනාගනී.

මහේන්ද්‍රන් ශෙෂාන්කුමාර් ප්‍රමුඛ Melwire Rolling පුද්ගලික සමාගම ඔවුන්ගේ පළමු වෙළඳ සේවා ක්‍රිකට් ශූරතාවය දිනාගැනීමට සමත් විය. Ceylon Biscuit අනුග්‍රහය යටතේ පැවති MCA D කොටසේ පන්දුවාර 40 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට Melwire Rolling කණ්ඩායම සමත් විය.

ජනවාරි 06 වැනි සෙනසුරාදා MCA පිටියේ දී පැවති අවසන් මහා තරගයේදී Melwire Rolling කණ්ඩායම Nations Trust Bank PLC “A” කණ්ඩායමට එරෙහිව කඩුල්ලක ජයක් වාර්තා කළහ.

තරගය පන්දු යවන්නන්ගේ ආධිපත්‍යය දැරූ අතර එහිදී ඕවර 74ක් තුළදී කඩුලු 19ක් ලකුණු 242කට බිඳ වැටුණි. මලින්ද පෙරේරා (8-3-12-2), සචින් සේනානායක (6.2-28-3)ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ Nation Trust බැංකු කණ්ඩායම පන්දුවාර 39.2 කදී ලකුණු 121 කට සීමා විය.

අංක 3 පිතිකරු සනේෂ් නදීශාන් පන්දු 80 කදී හතරේ පහර 06 ක් ඇතුළුව ලකුණු 55ක් රැස්කිරීමට සමත් විය. නේෂන් ට්‍රස්ට් ආරම්භක පන්දු යවන්නා වන මධුෂාන් චතුරංග (8-31-5) සනේෂ් නදීෂාන් සහ නායක මහේන්ද්‍රන් කුමාර දවාලීමෙන් තරගය උඩු යටිකුරු කළේය. නමුත් Melwire Rolling ක්‍රීඩකයන් ඕවර 34.2කදී කඩුලු 9කට ලකුණු 122ක් ලබා ගත්හ. තරගයේ වීරයා ලෙසින් Melwire Rolling ක්‍රීඩක සනේෂ් නදීෂාන් සම්මානයට පාත්‍ර විය.

Best Bowler – Madushan Chathuranga from NTB “A”
Best Batsman – Nadun Pathirana from NTB “A
Man of the Series – Lakshina Rodrigo from Hayleys Group “B”

NTB “A” – 121 all out in 39.2 overs ( Nadun Pathirana 18, Vikum Kalhara 25, Lashane Rodrigo 24, Malinda Perera 2/12, Sachin Senanayake 3/28, Aravinth Rajendran 2/26,  Jason Charles 2/11) 
Melwire Rolling – 122 for 09 in 34.2 overs ( Lester Jayaweera 24, Sanesh Nadeeshan 55, Ishan Hansika 15, Madushan Chathuranga 5/31, Anjula Fernando 2/23)

Back To Top