T10 තරඟාවලියේ තිසරගේ කණ්ඩායමට එරෙහිව අවිශ්කගෙන් විශිෂ්ට ඉනිමක්!

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ ඊයේ දින අවසාන තරඟය සහ තරඟාවලියේ 18 වන තරඟය ලෙස තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලාටයිගර්ස් කණ්ඩායම සහ මොයින් අලී නායකත්වය දරන ටීම් අබුඩාබි අතර පැවත්විනි.

නිරෝශන් දික්වැල්ල වෙනුවට ටීම් අබුඩාබි පිලට එක් වූ අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට දස්කම් දැක් වූවද ඊයේ ටීම් අබුඩාබි පිලේ ජයග්‍රහණයටප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා තරඟාවලියේ නායකයන් ගන්නා සුපුරුදු තීරණයම ලබා ගත් මොයින් අලී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාටයිගර්ස් කණ්ඩායමට ආරාධනා කලේය.

ආරාධනය පිලිගත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම කාසියේ අවාසිය තරඟයට අවාසියක් නොකරමින් ඉතා හොඳින් පන්දුවට පහර දී ලකුණු129ක් රැස් කිරීමට සමත් විය.

T10 තරඟ ආකෘතියේ ලකුණු 120ට වඩා රැස් කිරීම ඕනම අවස්ථාවක හඹා යෑමට අපහසු ලකුණු ප්‍රමාණයකි.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වන කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩෘ ෆිචෙල් සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක විලීරූසෝ පිලිවෙලින් ලකුණු 42ක් සහ 44ක් රැස් කරමින් කණ්ඩායමට සිය උපරිම දායකත්වය ලබා දුන්නේය.

කණ්ඩායමේ අවසාන භාගයේ වේගවත් ඉනිමක් දියත් කල කොලින් ඉන්ග්‍රාම් පන්දු 14කදී ලකුණු 23ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී බෙන් ලාෆින් කඩුලු දෙකක් දවාගත්තේය.

තරඟ තුනෙන් එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කර සිටින ටීම් අබුඩාබි කණ්ඩායම ජයග්‍රහණයක් බලාපොරොත්තුවක් ලකුණු 130 හඹායෑමට පිටියට පිවිසි අතර ලද පළමු අවස්ථාවෙන්ම උපරිම ඵල නෙලාගත් අවිශ්ක ප්‍රනාන්දු පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් දැවන්තහයේ පහරවල් හයක් එල්ල කර පන්දු 20කින් ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය.

අනෙක් අන්තයෙන් ඔහුට සහය ලබා දුන් ලුක් රයිට් පන්දු දහයකදී ලකුණු 21ක් රැස් කලේය.

ඉතා හොඳ ආරම්භයක් ලබා ගත්තද අවිශ්කගේ කඩුල්ලත් සමඟ කණ්ඩායමේ රිද්මය ගිලිහී දිගටම කඩුලු බිඳ වැටි ගිය අතර අවශ්‍යලකුණු වේගය පවත්වාගෙන ‍යාමට පීඩනය හමුවේ අපොහොසත් විය.

නායක තිසර පෙරේරා කඩුලු දෙකක් දවාගනිද්දී කයිස් අහමඩ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 8කට කඩුලු 3ක් දවා ගැනීමටසමත් විය.

තරඟයේ වීරයා සම්මානය පිට පිටම දෙවන වතාවටත් ඇන්ඩෲ ෆ්ලෙචර් හිමි කරගත්තේය. [/vc_column_text][/vc_column][/vc_row]

Back To Top