ඕමාන් තරගාවලියට පෙර අන්තර් සංචිත පුහුණු තරග!

[vc_row][vc_column][vc_column_text]එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 24වනදා සිය පුහුණුවීම් ආරම්භ කළහ. පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දින තුනක කාල සීමාවක් නිරෝධනයට ලක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 3 වනදා ඕමානය බලා පිටත්ව යාමට නියමිතය. ඊට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත පුහුණු තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරග 3ම ආලෝක තත්වයන් යටතේ පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සංචිතයට තවත් ක්‍රීඩකයන් 5ක් එක් කරනු ලැබීය. මින් පෙර නම් කළ සංචිතයට ඇතුළත් වූ ලහිරු මධුසංඛ ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, මිනෝද් භානුක හා ලක්ෂාන් සදකැන් අතිරේක ක්‍රීඩකයන් ලෙසින් එක් කොට ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාද ලෝක කුසලාන තරගාවලියට එක්වීමට නියමිතය. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කොට ඇත්තේ ඕමාන් තරගාවලියට පෙර අන්තර් සංචිත පුහුණු තරග පැවැත්වීමට සැලසුම් කොට ඇති බවයි. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරග 7කට ක්‍රීඩා කරනු ඇත.

අන්තර් සංචිත තරග 3ක්
ඕමානයට එරෙහි තරග 2ක්
ලෝක කුසලාන පුහුණු තරග 2ක්[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top