අන්තර් පාසල් සහය දිවීමේ ශූරතා තරගාවලිය අප්‍රේල් මසදී පැවැත්වීමට පාසල් මළල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය අප්‍රේල් මස 6, 7 හා 8 යන තෙදින තුළ දී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරගාවලිය වෙනුවෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙයි. ඒ අනුව වයස අවුරුදු 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ යන වයස් කාණ්ඩ පහ යටතේ බාලක හා බාලිකා තරග පැවැත්වෙයි.

එමෙන්ම පාසල් මළල ක්‍රීඩා පිටියේ ප්‍රමුඛතම තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් මස 2, 3 හා 4 යන තෙදින තුළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ද කණිෂ්ඨ තරගාවලිය නොවැම්බර් මස 8, 9 හා 10 තෙදින තුළ දී පැවැත්වීමට නියමිතය.