ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් දාසයකින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු නව තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යොමු කොට ඇත.

ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙම සංචිතයට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ ලහිරු උදාරද කැදවා ඇත. නිශාන් මධුෂ්ක, සදීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වී ඇත.

දඟ පන්දු යවන්නන් ලෙසින් ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් පමණක් සංචිතයට ඇතුළත් වද්දී වේග පන්දු යවන්නන් ලෙස කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, චාමික ගුණසේකර හා මිලාන් රත්නායක සංචිතයට ඇතුළත් වී ඇත. දෙරට අතර පළමු සහ එකම ටෙස්ට් තරඟය පෙබරවාරි මස 2-6 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ධනංජය සිල්වා
කුසල් මෙන්ඩිස්
දිමුත් කරුණාරත්න
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සදීර සමරවික්‍රම
නිශාන් මධුෂ්ක
කමිදු මෙන්ඩිස්
ලහිරු උදාර
ප්‍රභාත් ජයසූරිය
අසිත ප්‍රනාන්දු
කසුන් රාජිත
විශ්ව ප්‍රනාන්දු
රමේෂ් මෙන්ඩිස්
චාමික ගුණසේකර
මිලාන් රත්නායක