ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත.

සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් දස්කම් පාන්නට අසමත් වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම සංචිතයට ඇතුළත් වුවද නුවනිදු ප්‍රනාන්දුට සංචිතයේ ස්ථානය අහිමි වී ඇත. විස්සයි විස්ස නායක වනිදු හසරංග යළිත් සංචිතයට එක්වද්දී ජෙෆ්‍රි වැන්ඩසේට සිය ස්ථානය අහිමි වී ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකළ ශ්‍රී ලංකා සංචිතය
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
ශෙවෝන් ඩැනියල්
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
සහන් ආරච්චිගේ
වනිදු හසරංග
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
අකිල ධනංජය
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුසංඛ
ප්‍රමෝද් මධුෂාන්