බිහාර් ක්‍රීඩක වයිභව් සූර්යවංශී පසුගිය සිකුරාදා (ජනවාරි 5) දින මුම්බායි කණ්ඩායමට එරෙහිව සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේය. ඔහු පළමු පෙළ වරම් දිනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 12 යි දින 284 විය. ඔහු ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වූයේ පළමු පෙළ තරග ක්‍රීඩා කළ 4 වැනි ලාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

පළමු පෙළ තරගයක් ක්‍රීඩා කළ ලාබාලම ක්‍රීඩකයා වනුයේ අලිමුදීන් ය. ඔහු 1942-43 තරගවාරයේදී රාංජි කුසලානය ක්‍රීඩා කරන විට ඔහුගේ වයස අවුරුදු 12 දින 73ක් පමණ විය. නමුත් මෑතකාලීනව පළමු පෙළ වරම් දිනූ ලාබාලම ක්‍රීඩකයා වනුයේ වයිභව් සූර්‍යවංශී ය.

සූර්යවංශී මීට පෙර 2023 Cooch Bihar Trophy, ඉන්දියාවේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් සඳහා වන දේශීය තරඟාවලිය සඳහා බිහාර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඔහු ජාර්කන්ඩ් පිලට එරෙහිව පැවැති තරගයකදී පන්දු 128කදී ලකුණු 151ක් රැස්කළ අතර දෙවැනි ඉනිමේදී ලකුණු 76ක් රැස් කළේය.

ඉන්දියාවේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් සඳහා වන එක්දින තරගයක් වන Vinoo Mankad කුසලානයේ දී, ඔහු ඉනිම පහකදී 109.17 ක ප්‍රහාරක වේගයක් හා 78.60 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 393 ක් ලබා ගත්තේ, ඉනිම් 5 තුළ අර්ධ ශතක තුනක් සහ ශතකයක් වාර්තා කරමිනි. සූර්යවංශි 2023 නොවැම්බර් මස දී වයස අවුරුදු 19 න් පහළ සිව්කොන් තරඟාවලියකට ද ක්‍රීඩා කොට ඇත.

නමුත් පසුගිය වසරේ BNN නිවුස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, සූර්යවංශී පැවසුවේ සැප්තැම්බර් 27 වන දිනට ඔහුට වයස අවුරුදු 14 ක් වන බවත්, ඔහුගේ උපන් වර්ෂය 2009 බවත්ය. කෙසේ වෙතත්, ඔහුගේ උප්පැන්න සහතිකයේ උපන් දිනය වෙනස් වන අතර, එය 2011 මාර්තු 27 ලෙස නම් කර ඇත. ඉපදුනේ. BCCI ද ඔහුව 12 හැවිරිදි දරුවෙකු ලෙස බඳවාගෙන ඇත.