විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත ය. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග 7ක් ඇතුළත් වී ඇත.

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 10 වනදා මෙරටට පැමිණීමට නියමිත වී ඇත. උගන්ඩා කණ්ඩායම විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ජාතික කණ්ඩායම සමගින් නොව නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා A කණ්ඩායම සමගිනි. තරගාවලිය පිළිබඳව විස්තර ලද සැනින් ඔබ වෙත ගෙන ඒමට Ceylon Sports අප සූදානම්.