එළඹෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායකත්වයෙන් ඩේවිඩ් ටීගර් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත.

ගාසාතීරයේ පවතින යුධමය තත්වය හේතුවෙන් ලෝක කුසලානයට අවශ්‍ය ආරක්ෂාව නිරන්තරයෙන් ලබාදීම කෙරෙහි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අවදානය යොමු කොට ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කොට ඇත. එමෙන්ම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අවට විරෝධතාද ඇතිවීමේ අවදානමක් ඇති බවද එම නිවේදනයේ සදහන් වී ඇත.

එම තත්වයන් හමුවේ දකුණු අප්‍රිකානු නායකත්වය කෙරෙහි ද ඔවුන්ගේ අවදානය යොමු වී තිබීම හේතුවෙන් ඩේවිඩ් ටීගර්ව නායකත්වයෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු බලධාරීන් තීරණය කොට ඇත. ඩේවිඩ් හා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගේ යහපත පිණිස මෙම තීරණය ගෙන ඇත. නායකත්වයෙන් ඉවත් කළද ඔහු කණ්ඩායමේ ක්‍රියාකාරී ක්‍රීඩකයෙකු ලෙසින් රැදී සිටියි.