දදසවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භය සනිටුහන් කරමින් පැවති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලබන්නට සත්කාරක ප්‍රංශය සමත් විය. ඒ ප්‍රභල නවසීලන්ත කණ්ඩායම ලකුණු 27ට 13ක් ලෙසින් පරාජයට පත් කරමින්.

තරගය ආරම්භ වී මිනිත්තු 1.30ක් ගතවන තැන ක්‍රියාත්මක වූ නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු රැස්කිරීම ආරම්භ කළේ උත්තරා දිනුමක් සම්පූර්ණ කරමින්. ප්‍රංශය පස්වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස්කිරීම ආරම්භ කළහ. දෙපිළම දඩුවම් පහර සාර්ථක කරගනිමින් ලකුණු රැස්කළ අතර පළමු අර්ධය ලකුණු 9-8ක් ලෙසින් නිමාවට පත් වූයේ සත්කාරය ප්‍රංශය පෙරමුණෙහි තබමින්.

දෙවන අර්ධය ආරම්භයේදී තවත් උත්සාහක දිනමක් සම්පූර්ණ කරමින් පෙරමුණ ගන්නට නවසීලන්තය සමත් වුණා. නමුත් එතැන් පටන් තරගයේ පාලනය සියතට ගන්නට පෙරලිකාර ප්‍රංශය සමත් වද්දී උත්සාහක දිනුම හා ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් ලකුණු 16-13ක් ලෙසින් ඉදිරියට පැමිණෙන්නට ඔවුන්ට හැකිවුණා. ප්‍රංශය තවත් දඩුවම් පහර 2ක් සාර්ථක කරගත් අතර තරගය නිමාවන්නට මිනිත්තු 2.30ක් පමණ ඉතිරිව තිබියදී තවත් උත්සාහක දිනුමක් සාර්ථක කරගන්නට ප්‍රංශයට හැකිවුණා. ඒ අනුව නියමිත කාලය අවසානයේ ලකුණු 27ට 13ක් ලෙසින් පෙරලිකාර ජයක් වාර්තා කිරීමට සත්කාරක ප්‍රංශය සමත් වුණා.