10 වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සිකුරාදා එනම් අද පැරිසියේ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් හිදී ආරම්භ වීමට නියමිතයි. මෙරට වේලාවෙන් හෙට අලුයම 12.30ට පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් සත්කාරක ප්‍රංශයට එරෙහිව නවසීලන්තය මුහුණට මුහුණ තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි.මෙම තරගාවලිය ප්‍රංශය පුරා ක්‍රීඩාංගණ නවයක දී පැවැත්වෙන තරග අතර තරග 48 න් මෙවර තරගාවලිය සමන්විත වෙයි. අවසන් වරට 2019 වසරේ පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

2007 දී, අවසන් වරට ප්‍රංශය තරඟාවලියේ සත්කාරකත්වය දැරූ අතර, ඔවුන් ආරම්භක දිනයේ පැවති තරගයේ දී ආර්ජන්ටිනාව හමුවේ පරාජයට පත් විය. ඉන්මාසයකට පසුව, ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේදී නවසීලන්ත හමුවේ ලකුණු 20ට 18ක් ලෙසින් පරාජයට පත් විය. මෙවර ඉතාලිය, නැමීබියාව සහ උරුගුවේ A කාණ්ඩයේ ඉතිරි කණ්ඩායම් වන අතර නවසීලන්තය සහ ප්‍රංශය අවසන් කණ්ඩායම් 8ට පිවිසීමට වැඩි ඉඩක් පවතී.

ජෝර්ඩි බැරට්, ෂැනන් ෆ්‍රිසෙල්, බ්‍රෝඩි රිටැලික් සහ ටයිරල් ලොමැක්ස් යන සියලු ඕල්බ්ලැක්ස් ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම හේතුවෙන් මෙම තරගය අහිමි වෙයි. ජොනතන් ඩැන්ටි සහ සිරිල් බේල් ප්‍රංශය වෙනුවෙන් ඉදිරි සතියක හෝ දෙකක කාල සීමාවට ක්‍රීඩා නොකරනු ඇත. නවසීලන්තය රග්බි ලෝක කුසලානය තෙවරක් ජයග්‍රහණය කොට ඇති අතර ඔවුන් සමාරම්භක ලෝක කුසලානයේ හා 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රංශය පරාජයට පත් කරමින් ලෝක ශූරයන් බවට පත් විය.

නවසීලන්තය ප්‍රංශයට එරෙහිව තරග 48-13ක් ලෙස ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියෙන් පසුවෙයි. ප්‍රංශයේ පැවති තරග,වලදීද ඕල් බ්ලැක්ස් පිල තරග 29-7ක් ලෙස ඉදිරියෙන් සිටින අතර එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. මොවුන් රග්බි ලෝක කුසලාන තරගාවලියකදී මුණගැසෙන 8 වැනි අවස්ථාව මෙය වන අතර අවසන් වරට මුණගැසුණු තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයන් ලකුණු 62-13ක් ලෙස ප්‍රංශය පරාජය කිරීමට සමත් විය.

අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් යුගලය හා ආදේශක ක්‍රීඩකයන් පහත පරිදිය
ප්‍රංශ කණ්ඩායම : Ramos, Penaud, Fickou, Moefana, Villiere, Jalibert, Dupont (c), Wardi, Marchand, Atonio, Woki, Flament, Cros, Ollivon, Alldritt
ආදේශක ක්‍රීඩකයන්: Mauvaka, Gros, Aldegheri, Taofifenua, Boudehent, Lucu, Vincent, Jaminet

නවසීලන්ත කණ්ඩායම :Barrett, Jordan, Ioane, Lienert-Brown, Telea, Mo’unga, Smith, De Groot, Taylor, Laulala, Whitelock, S Barrett, Papalii, Cane (c), Savea
ආදේශක ක්‍රීඩකයන්: Taukei’aho, Tu’ungafasi, Newell, Vaa’i, Jacobson, Christie, Havili, Fainga’anuku