ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සදහන් කොට ඇත්තේ එම්එස් දෝනිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම භාග්‍යයක් බවයි. මහීෂ් 2022 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කර ඇති අතර ඔහු මේ වන විට කඩුලු 23ක් දවාගැනීමට සමත් වී ඇත. Cricket.com සමගින් පැවති සම්මුඛ සාකච්ඡාවකදී එම්එස් දෝනිගේ නායකත්වය පිළිබඳව මහීෂ් මෙලෙසින් අදහස් දක්වා ඇත.

දෝනි තම පන්දු යවන්නන්ට උපරිම සහයෝගය ලබා දුන් බවත් ඔවුන්ගේ පන්දු යැවීම විශ්වාස කළ බවත් තීක්ෂණ පැවසීය. පන්දු යවන්නෙකුට එරෙහිව ලකුණු ලබා ගත් නරක දිනයක දී පවා දෝනි ඔවුන්ව විශ්වාස කළ බව දඟ පන්දු යවන්නා පැවසීය.

” එම් එස් දෝනි යටතේ ක්‍රීඩා කිරීමට ලැබීම භාග්‍යයක්. ඔහුට හැම පන්දු යවන්නෙක් ගැනම විශ්වාසයක් තියෙනවා. අපිටත් විශ්වාසයක් ලැබෙනවා, අපි ලකුණු ගැහුවත් ඔහු අපට පන්දුව ලබා දී සහාය දෙනවා. ඒක ලොකු විශ්වාසයක්”