ලොව දෙවන දීර්ඝතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන් නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ 145වන අදියරට දින නියම ඇත. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික නිල්මහා සටන ක්‍රිකට් සංග්‍රාමය මෙවර ද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙවර තුන්දින ක්‍රිකට් තරගය මාර්තු මස 7,8 හා 9 යන තෙදින තුළ පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර සීමිත පන්දුවාර තරගය මාර්තු මස 16වනදා පැවැත්වෙයි. පසුගිය වසරේ පැවති 144 වන නිල්මහා සටන තුන් දින තරගය හා එක්දින තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමයි. මෙවර නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේදී රාජකීය විද්‍යාලය මෙහෙයවනුයේ ශ්‍රී ලංකා 19න් පහළ නායක සිනෙත් ජයවර්ධන යි.