පළමු පෙළ ක්‍රිකට් පිටියේ වේගවත්ම ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දියාවේ Tanmay Agarwal සමත්ව තිබෙනවා. රාංජි කුසලාන තරගාවලියේ අරුනාචල් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙදී හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ මොහු පන්දු 181කදී හතරේ පහර 34ක් හා හයේ පහර 26ක් සමගින් ලකුණු 366ක් රැස්කිරීමට සමත් විය. ඔහු ත්‍රිත්ව ශතකය වාර්තා කළේ පන්දු 147ක් පමණක් වැය කරමිනි.