ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සදහන් කොට ඇත්තේ 2024 කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී කිසිවෙකු තමාව කණ්ඩායමට එක් කොට නොගැනීම පිළිබඳව කම්පනයට නොව පුදුමයට පත් වූ බවත් ප්‍රතික්ෂේප කිරීම තමාට යම් ආකාරයක පෙළඹවීමක් ලබා දුන් බවත්ය.

” ඔවුන් මාව තෝරා නොගත් නිසා මම කම්පනයට පත් වුණේ මෑ. ඒත් මම පුදුම වුණා. මේ දේවල් මට පාලනය කරන්න බෑ. සමහර පුහුණුකරුවන් හෝ සමහර කණ්ඩායම් කළමනාකාරීත්වය තමයි මෙම තීරණ ගන්නේ. මට මේ දේවල් පාලනය කරන්න බැහැ, නමුත් මට පාලනය කරන්න පුලුවන් මගේ පිතිකරණය, මගේ පන්දු යැවීම. මට ඕන මට කරන්න පුළුවන් දේ කරන්න විතරයි.”

WBBL ට පෙර පැවති ක්‍රීඩක කෙටුම්පතේ දී ද ඇයව තෝරා නොගත් අතර ආදේශක ක්‍රීඩිකාවක් ලෙසින් ඇය තරගාවලියට එක්විය. චමරි තරගාවලියේ දී ලකුණු 552ක් සමඟින් තරඟාවලි අවසන් කළේ වැඩිම ලකුණු ලාභියා වන බෙත් මූනිට වඩා ලකුණු පහක් පමණක් පිටුපසින් සිටිමිනි. නමුත් එම දක්ෂතා පවා ඇයව WPL තරඟාවලියට තෝරා නොගත් අතර, ලෝරන් බෙල් ඉන් ඉවත් වූ පසු ආදේශක ක්‍රීඩිකාවක් ලෙස UP Warriorz කණ්ඩායමට ඇයව එක් කොට ගැණුනි.

“ප්‍රතික්ෂේප කිරීම මට යම් ආකාරයක පෙළඹවීමක්, ඒක මට හොඳයි, මොකද සමහර විට මට ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම මට කළ හැකි දේ පෙන්වීමට මට අවශ්‍යය. එය කළ නොහැකි යැයි යමෙකු පැවසුවහොත්, එය කරන්න. එය මගේ දර්ශනයයි. මට අවශ්‍ය වන්නේ මට කරන්න පුලුවන් දේ කුමක්දැයි ඔප්පු කිරීමට පමණයි”.