නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ඒ අනුව රේටින් 783ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අනුව හයවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත අනුව හිටපු නායක දිමුත් කරුණාරත්න 9 වැනි ස්ථානය එලෙසින් ම රැකගන්නට සමත් වද්දී දිනේෂ් චන්දිමාල් 23 වැන්නා ලෙසද ඇන්ජිලෝ මැතිව්ස් ස්ථාන 4කින් ඉදිරියට පැමිණෙමින් 24 වැන්නා බවටද පත් වී ඇත.

වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ස්ථාන 7කින් ඉදිරියට පැමිණෙමින් 34 වන ස්ථානයේ පසුවද්දී කසුන් රාජිත ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙමින් 44 වැන්නා බවට පත් ව ඇත. විශ්ව ප්‍රනාන්දු ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මේ වන විට 51වන ස්ථානය හිමිකොටගෙන ඇත.