සකා අෂ්රෆ් පාකිස්තාන ක්‍රිකට් අතුරු පාලක කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සිකුරාදා ලාහෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියේ පැවති කමිටුවේ සිව්වැනි රැස්වීමෙන් පසුව ඔහු සිය තීරණය ප්‍රකාශ කොට ඇත.

ඔහු ජූලි මාසයේදී අතුරු පාලක කමිටු ප්‍රධානියා ලෙස පත් කරන ලද අතර, දස දෙනෙකුගෙන් යුත් මණ්ඩලය පත් කළේ මාස හතරක් ඇතුළත මැතිවරණ පවත්වන තෙක්‍ ය. නමුත් නියමිත කාලය තුළ එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ විට කමිටුවට ඒ සඳහා තවත් මාස තුනක කාලයක් ලබා දී තිබුණි.

මේ අතර ඇන්ඩෲ පුටික් සහ ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් සමඟ පාකිස්තානයේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔවුන් ලාහෝර් හි පිහිටි පාකිස්තාන ජාතික ක්‍රිකට් ඇකඩමියේ සේවය කළහ. හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක මිකී ආතර් 2023 වසරේ අප්‍රේල් මාසයේදී පකිස්ථාන ජාතික කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙසද, ග්‍රාන්ට් බ්‍රබර්න් පකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද ප්‍රකාශයට පත් කරන ලදී. ඇන්ඩෲ පුටික් 2023 අප්‍රේල් මාසයේදී පකිස්ථානයේ පිතිකරණ පුහුණුකරු ලෙස එක් වූ නමුත් ලෝක කුසලාන පරාජයෙන් පසුව ඔවුන්ව ජාතික ක්‍රිකට් ඇකඩමිය වෙත අනියුක්ත කරනු ලැබීය.