පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හැසිරීමෙන් කලකිරුණු බාබර් අසාම් මේ වන විට පැවැත්වෙන ICC ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු පකිස්ථාන කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.

පකිස්තාන ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, ලෝක කුසලාන තරඟාවලිය අවසන් වී පකිස්ථානයට ගොඩ බැසීමෙන් පසු බබාර් අසාම් සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇත. ඔහු තම අනාගතය පිළිබඳ මග පෙන්වීමක් අපේක්ෂා කරන බව වාර්තා වන අතර, හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති රමිස් රාජා සහ ඔහුට සමීප පුද්ගලයින් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කොට ඇත.

රාසා මේ වන විට ලෝක කුසලානයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන අතර බබාර් අසාම් තවමත් නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැත. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වූයේ ඔහුගේ තීරණයට ඔහුට විශේෂයෙන් ඔහුගේ පියාගෙන් ලැබෙන උපදෙස් බලපානු ඇති බවයි. බාබර්ගේ සමීපතම සහායකයින් ඔහුට ආකෘති තුනේම නායකත්වයෙන් ඉවත් වන ලෙස උපදෙස් දෙන බව ද එම වාර්තා සදහන් කොට ඇත. බාබර් අසාම්ට ඉන්දියාවේ සිටියදී ඔහුගේ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීමට අවශ්‍ය වූ නමුත් දැන් එය කල් දමා ඇත.