ලාංකේය ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සළකුණක් සනිටුවන් කළ අරවින්ද ද සිල්වා ක්‍රිකට් විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත් කිරීමට තීරණය කළ බව ICCය විසින් පසුගිය දා නිවේදනය කළේය.

මෙම නිවේදනයෙන් අනතුරුව 2023 නොවැම්බර් මස 13වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ICC විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත්ව සිටින මහේල ජයවර්ධන විසින් මෙම විශිෂ්ඨ ක්‍රීඩකයා වෙත විවෘත ලිපියක් යොමු කරමින් සුබ පැතුම් එක් කොට ඇත.

“අරවින්ද අයියා වෙත,

සිව්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වශයෙන් ICC විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඔබව පිළිගැනීමට ලැබීම ගෞරවයක්. ඔබ දැනටමත් මෙම ලැයිස්තුවට එක්ව සිටින අප තිදෙනාගෙන් -මම, සංගා හෝ මුරලිගෙන් ඇසුවහොත් පළමුව ඒ ඔබ විය යුතුව තිබූ බවට අපි කවුරුත් එකඟ වන බව මට නොසිතා සිටීමට නොහැකිය.

අප සැවොම ඔබ දෙස බලා හැදී වැඩුණු අතර, ඔබගේ ආනුභාවය ලත් පරපුරක කොටස්කරුවන් වුණෙමු. මට වයස අවුරුදු නමයේදී හෝ දහයේදී ඔබව මුල් වරට මුණ ගැසී ඔබෙන් සමරු සටහනක් ලබා ගත් හැටි මතකයි. එවකට ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙකු වුවද කෙටි කලක් තුළ ඔබ එහි හොඳම පිතිකරුවා බවට පත් විය. තරුණ ළමයින් වශයෙන් අප සැවොම ඔබ ක්‍රීඩා කරන ආකාරය නරඹමින් එය ආදර්ශයට ගැනීමට කටයුතු කළෙමු.

මට යම් නිශ්චිත ආකාරයකට ක්‍රීඩා කිරීමට උපදෙස් දුන් පුහුණුකරුවන් සිටියා. නමුත් ඔබ අනුවර්තනය වීමේ වැදගත්කම පෙන්වා දුන්නා. ඔබේ පන්දුවට පහර දීමට සිටගෙන සිටින ඉරියව්ව හෝ පිත්ත ඔසවන ආකාරය හෝ වේවා, එය නිරන්තරයෙන් ඔබ වෙනස් කරන බවක් දැනුනා. එය දිගින් දිගටම සිදු කිරීම හරිම අපහසුයි. නමුත් එය ඔබගේ දක්ෂතාවයෙහි සළකුණක් වුණා. පසු කලෙක මමද එය ස්පර්ශ කිරීමට තරම් වාසනාවන්ත වුණෙමි.

සත්තකින්ම ඔබව සැමදා මතකයේ රැඳුනේ, 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔබ කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් සහ නොදැවී විශිෂ්ඨ ශතකයක් රැස් කළ අවස්ථාවේදි ය. වයස අවුරුදු 18දී මටත් එම සති අන්තයේදී අවසන් මහා තරගයක් තිබුණි. ඒ නාලන්දා විද්‍යාලයේ මගේ අවසන් අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගයයි. එම දෙදින තුළ විශේෂ සිදුවීම් රැසක් සිදු වූ අතර සෙනසුරාදා දින තරගය නැරඹීමට හාරදහසක හෝ පන්දහසක පිරිසක් පැමිණ සිටියහ. ඉරිදා දින එහි දෙමව්පියන් සහ ශිෂ්‍ය නායකයින් පමණක් විය. අනෙකුත් සියලුම ශ්‍රී ලංකිකයින් ඔබ ක්‍රීඩා කළ අවසන් මහා තරගය නරඹමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි.

අපි අපගේ තරගය වේලාසනින් අවසන් කර හඹා යාමේ අවස්ථාව නැරඹීම සඳහා රූපවාහිනිය අසළට වුණෙමු. ඔබ පිටියට පිවිසෙන විට අප කඩුලු දෙකක් දැවී ලකුණු 23ක් ලබා අසීරු තත්වයක සිටියද ඔබේ දෑසේ දැඩි අධිෂ්ඨානයක් තිබුණි. එසේම ඉන්දියාවත් සමඟ පැවති අවසන් පූර්ව තරගයේ දීත් අප අසීරු අවස්ථාවක සිටියදී ඔබ එම දක්ෂතාවය පෙන්නුම් කර තිබුණි.

අවසන් මහා තරගය ඔබ පාලනය කරගත් ආකාරය මට හැමදාටම මතක තියේවි. ඩ්‍රයිව් පහරවල්, පුල් පහරවල් සහ විශේෂයෙන්ම තරගය වෙනස් කළ තෙවන කඩුල්ලේ සබඳතාවයේ දී ඔබ ශේන් වෝන්ව පාලනය කළ ආකාරය විශ්මයජනකය. අප රාත්‍රිය පුරා වීදිවල එම ජයග්‍රහණය සැමරුවෙමු.

ඔබ ඔබේ කාලයට වඩා පරපුරක් ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෙක්. බොහෝ ආවේගශීලී සහ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ සියල්ලන්ටම වඩා හොඳින් වේගපන්දුවට පහර දෙන්නේ ඔබයි. ඕස්ට්‍රේලියාවේදී ඔවුන් සෑම විටකදීම ශ්‍රී ලාංකිකයින්ව බිය ගැන්වීමට උත්සාහ කරයි. නමුත් ඔබව බිය ගැන්වීමට ඔවුන්ට නොහැකි විය. ඔබ සෑම විටම ඔවුන්ව පහළට ඇද දැමුවේය. දක්ෂ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඔබ ක්‍රීඩා කළ ඉනිම් දුටු විට මගේ පරම්පරාවට ක්‍රිඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩාව මෙය බවත්, ඒ සඳහා අපට ඇති හැකියාව පිළිබඳවත් විශ්වාසයක් ඇති විය.

වසරක කාලයක් ඇතුළත ඔබ සහ සෙසු ලෝක ශූරයින් සමඟින් ඇඳුම් කාමරය බෙදා ගැනීමට හැකි වීම වාසනාවකි. මම මහත් විශ්මයට පත් වූ අතර මාගේ මංගල ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ඇඳුම් කාමරයට යන විට එහි සියලු දෙනාට තමන්ගේම ස්ථාන තිබුණි.

මම වටපිට බලමින් මගේ ස්ථානයක් සඳහා බලා සිටි අතර මම වාසනාවන්ත විය – ඔබට ස්ථාන දෙකක් පහළින් ආසනයක් තිබුණි. ඒ වෙලාවේ මම තේරුම් ගත්තා මේ මම ක්‍රිකට් ගැන කතා කරන්න ඕනෙ පුද්ගලයා කියලා. ඔබගෙන් ප්‍රශ්න ඇසීමට සහ ඔබගේ බුද්ධිය ලබා ගැනීමට මට සිදු වූ අතර එතැන් පටන් මා සිදු කළේ එයයි. මගේ පළමු තරගයේ දී අප ඉන්දියාවට එරෙහිව කඩුලු හයක් දැවී ලකුණු 952ක් ලබා ලෝක වාර්තාවක් තබද්දී ඔබත් සමඟ පිතිකරණයේ යෙදීමට ලැබීම ගෞරවයකි

ඔබේ ආශිර්වාදය යටතේ මා තබා ගත්තාට මම බොහෝ කෘතඥ්‍ය වෙමි. සංගා ලකුණු රැස් කර තිබෙනවා විය හැකියි. නමුත් ශ්‍රී ලංකාව බිහි කළ හොඳම පිතිකරුවා ඔබයි. ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කළ සේවය අසමසම වන අතර ඔබ අපට මාර්ගය පෙන්වූයේය.

ඔබ සමඟ ස්ලිප් කෝඩන් එකේ සිටීමද මහත් අධ්‍යාපනයක් විය. ඔබ පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස සිටගෙන සිටින අතර අප කතා කරන්නේ පිතිකරුවා හැඩගැසෙන ආකාරය පිළිබඳවයි. ඔබ දුර්වලතාවයක් විස්තර කරන ආකාරය සහ ඔහුව දවා ගැනීමට අපේ පන්දුයවන්නන්ට උපදෙස් දෙන ආකාරය මට මතකයි. වාසි(චමින්ද වාස්) නැවත පන්දුව අරගන්නවා සේම ඔබ කියූ විලසින්ම එය සිදු වෙනවා. එය සිත් ඇදගන්නා සුළුයි.

කෙසේ නමුත් ඔබේ ක්‍රීඩා සමාජයේ සගයින්ට ඔබත් සමඟ පන්දු රැකීම පහසු වූ බව නම් මම විශ්වාස නොකරමි. ඔබ NCC එකේ හිටපු කාලෙ කතා සංගා කියද්දි මම කොතරම් සිනාසුනා ද කියා මට තාම මතකයි. පළමු ස්ලිප් ක්‍රීඩකයා වශයෙන් සිටියදී ඔබගේ පාවහන් ගැළවීම හෝ ඔබගේ සාක්කුවේ තිබූ බනිස් වලට සමච්චල් කිරීම, කිසිදා අඳුරු මොහොතවල් නොතිබූ බව පෙනේ. අපගේ කාලය වෙනුවෙන් මට සහතික වෙන්න පුළුවන් අප ඇඳුම් කාමරයේ එකට සිටිය ද, ඔබත් සමඟ සාදයට මට සහභාගී විය නොහැකි බව මම ඉක්මනින් තේරුම් ගත්තෙමි.

කෙසේ වෙතත් ජාතික කණ්ඩායමේ රාජකාරියට පැමිණෙන විට ඔබ කොතරම් අවංක පුද්ගලයෙකුද යන්න පිළිබඳව කිසිදු සැකයක් නොතිබුණි. එම ශරීර යෝග්‍යතා සංස්කෘතිය යටතේ හැදී වැඩුණ පළමු පරම්පරාව අප වූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනයත් සමඟ එහි වූ වටිනාකම අපට පහදා දුන් අයුරු මට මතකය.

ICC විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවෙහි ඔබගේ ස්ථානය ඔබට ලැබිය යුතුව තිබූ අතර ශ්‍රී ලංකා ධජය ලෙළදවීම සඳහා අප සිව් දෙනෙකුම සිටීම මට මහත් ආඩම්බරයකි. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ ඔබේ ස්ථානය සහතික කර ඇති අතර, පිටියේ දී සහ ඉන් පිටතදී ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ කළ සේවයට ප්‍රමාණවත් අයුරින් මට ස්තූති කළ නොහැකිය.

සුබ පැතුම් මගේ මිත්‍රයා.

මහේල.”

යනුවෙන් ඔහු එම ලිපියෙහි සටහන් කොට තිබුණි.