2024 ICC 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස පත් කර ඇති සිනෙත් ජයවර්ධනගේ උපදේශකයා වන රියාස් අලුහර් විශ්වාස කරන්නේ සිනෙත් රාජකීය විද්‍යාලයට කීර්තියක් ගෙන එනු ඇති බවයි.සිනෙත් ඉගෙනුම ලබන විද්‍යාලයේ සහකාර විදුහල්පති මෙන්ම ක්‍රීඩා 35 භාරව කටයුතු කරන්නේ රියාස් අලුහර් ය.

” සිනෙත්ට මේ වසරේ උසස් පෙළ විභාගය මඟ හැරුණා. නමුත් ඔහු විද්‍යාලයට කීර්තියක් ගෙන එනු ඇතැයි මට විශ්වාසයි. ඔහු දැනට අපේ රාජකීය විද්‍යාලයේ නායකයායි. අපේ විද්‍යාලය වාර්ෂිකව තෝමස් විද්‍යාලයට එරෙහිව තුන්දින ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කරනවා. මෙවර 145 වැනි වතාවට පැවැත්වෙන්නේ.

” 1979 වසරේ 100 වැනි වරට පැවති තරගයේදී අපේ විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ICC හි ප්‍රධාන තරග තීරකවරයා වන රන්ජන් මඩුගල්ල යි. අපේ විද්‍යාල නායක සිනෙත් ඉදිරියේදී ශ්‍රී ලංක ජාතික කණ්ඩායමට නායකත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”