10වන රග්බි ලෝක කුසලාන තරඟාවලිය සැප්තැම්බර් මස 8 වන දා සිට ඔක්තෝබර් මස 28 වනදා දක්වා පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 20 සහභාගී වන අතර ප්‍රංශය කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ දේශීය විකාශන අයිතිය මෙවර හිමිකරගෙන ඇත්තේ සිරස TV නාලිකාවයි. ඒ අනුව මෙවර තරගාවලිය සිරස TV නාලිකාව, ශක්ති TV නාලිකාව හා TV 1 නාලිකාව ඔස්සේ විකාශය කෙරෙනු ඇත.

රග්බි ලෝක කුසලාන තරගාවලිය අවසන් වරට පැවැත්වූයේ 2019 වසරේදී. එහිදී ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. මෙම තරගාවලිය කාණ්ඩ හතරක් ඔස්සේ පැවැත්වේ. තරගවලිය මූලික වටයේදී එක් කණ්ඩායමක් කාණ්ඩයේ සියලු කණ්ඩායම් වලට එරෙහිව තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. ඔක්තෝබර් මස 8 වනදා දක්වා මූලික වටය ක්‍රියාත්මක වන අතර ඉන් අනතුරුව අර්ධ අවසන් පූර්ව වටය අවසන් පූර්ව වටය හා අවසන් මහා තරග පැවැත්වෙනු ඇත.

A කාණ්ඩය
නවසීලන්තය, ප්‍රංශය, ඉතාලිය, උරුගුවේ හා නැමීබියාව
B කාණ්ඩය
දකුණු අප්‍රිකාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ටොන්ගා හා රුමේනියාව
C කාණ්ඩය
වේල්සය, ඕස්ට්‍රේලියාව, ෆීජි, ජෝර්ජියාව හා පෘතුගාලය
D කාණ්ඩය
එංගලන්තය, ජපානය, ආජන්ටිනාව, සැමෝවා හා චිලී