2024 වසරේ පැවැත්වෙන විස්ස ලෝක කුසලානය තරගාවලිය සදහා ඕස්ට්‍රේලියාවෙන් තණතීරු ආනයනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇත. ලෝක කුසලාන තරඟ සඳහා ඕස්ට්‍රේලියාවේ සිට ෆ්ලොරිඩා වෙත තණතීරු තැටි නැව්ගත කරන පළමු අවස්ථාව මෙය බවට පත් වනු ඇත.

2024 ජූනි මාසයේ ආරම්භ වන T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ඇමරිකා එක්සත් ජනපදයට හිමි වී ඇත. කෙසේ වෙතත්, තවමත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන එතරම් හුරුපුරුදු ජාතියක් නොවන ඇමරිකා එක්සත් ජනපදයට මෙවන් දැවැන්ත තරගාවලියක් පැවැත්වීමේ හැකියාව තිබේද යන ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ.

එක්සත් ජනපදයේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඩලස්, ෆ්ලොරිඩා සහ නිව්යෝර්ක් නගර තෝරාගෙන ඇත. කෙසේ වෙතත්, ක්‍රිකට් තණතීරු සකස් කිරීමේ පළපුරුද්ද නොමැතිකම හේතුවෙන් ඇඩිලේඩ් ඕවල් පිටියේ තණතීරු භාරකරුවන්ගේ සහය ලබා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත.

තරඟාවලියේ වැඩි අවදානයක් යොමුව ඇති ගැටුම වන ඉන්දියාව හා පාකිස්තාන තරගයේ සත්කාරකත්ව පීඩනයත් සමඟ, තරඟාවලිය ඕස්ට්‍රේලියාවෙන් තණතීරු ආනයනය කිරීමට එක්සත් ජනපදය තීරණය කර ඇත.

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩක ඩේමියන් හවු තහවුරු කළේ ෆ්ලොරිඩාවට නැව්ගත කිරීමට පෙර ඇඩිලේඩ් හිදී තණතීරු නිර්මාණය කර පසුව තරඟාවලියට පෙර අදාළ ක්‍රීඩාංගණ වෙත ප්‍රවාහනය කරන බවයි.