Fairfirst Insurance Limited අඛණ්ඩව 06 වන වසරටත් වෙළඳ සේවා “F” කොටසේ පන්දුවාර 25 තරගාවලිය වෙනුවෙන් අනුග්‍රාහකයන් ලෙසින් සම්බන්ධ වී ඇත. IPD Global, Cameralk සහ Empire Tea යන නවක කණ්ඩායම් 03ක් ඇතුළුව කණ්ඩායම් 28ක් මෙම තරඟාවලියට සහභාගී වී ඇත.

තරඟාවලිය අදියර 02 කින් පැවැත්වේ; “ලීග්” අදියර, අර්ධ දින තරඟ 84 කින් සහ “පිළුමලුන් පිටුදැකීමේ” අදියර, අවසන් තරගය ඇතුළුව තරඟ 15 කින් සමන්විත වේ.

පෙබරවාරි 03 වැනිදා ආරම්භ වන ලීග් අදියර මාර්තු 17 වැනිදා අවසන් වේ: “පිළිමළුන් පිටුදැකීම” අදියර, පූර්ව අර්ධ අවසන් පූර්ව තරග මාර්තු 23 සහ 24 ද අර්ධ අවසන් මහා තරග මාර්තු 30 වෙනිදා ද පැවැත්වෙයි, අවසන් පූර්ව වටය අප්‍රේල් 02 වෙනිදා සහ අවසන් මහා තරඟය අප්‍රේල් 06 වෙනිදා MCA පිටියේදී පැවැත්වෙයි.

තරගාවලිය වෙනුවෙන් සහභාගි වන කණ්ඩායම් පහත පරිදිය.
Group “A” (07) : Asiri Hospitals, Ansell Lanka (Pvt) Ltd, IPD Global, CW Mackie, Dialog Axiata, Standard Chartered Bank & Softlogic Life


Group “B” (07) : South Asia Gateway Terminals (Pvt) Ltd, Commercial Bank of Ceylon PLC “B”, Cargills Bank, Ceylon Tobacco Company PLC, Ranpath Group, Astron Limited & Seylan Bank


Group “C” (07) : David Pieris Group of Companies “B”, Certis Lanka Group, Ansell Textiles Lanka, Cameralk, Maliban Biscuits “B”, MAS Active “B” & Pizza Hut


Group “D” (07) : EB Creasy, Union Bank of Colombo PLC, HNB “B”, Emerchemie NB (Ceylon) Limited, Atire (Pvt.) Ltd, Empire Tea & Hilton Colombo Residencies