කණ්ඩායම් 14 සහභාගිත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 50න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කොට ඇත. ආසියානු ක්‍රිකට් කවුන්සල සභාපති ජේ ෂා සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව සදහන් කොට ඇත.

ජේ ෂා සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් මෙම තරගාවලිය කොළඹදී පැවැත්වීම මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද විශාල රුකුලක් වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුව පිහිටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය දැඩි විරෝධය පළ කොට ඇති බව ද ඔහු සදහන් කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහය වෙනස් විය යුතු බවත්, පරාජයන්හිදී ඒවායේ වගකීම භාර ගැනීමට කිසිවෙකු නොමැති බවත්, එම වගකීම් භාර ගැනීමට පාර්ශවයක් සිටිය යුතු බවත් හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කොට ඇත.