ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

අතුරු පාලක කමිටුවේ සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමි වද්දී මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්.අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ , නීතීඥ හිෂාම් ජමල්දීන් පත්කර ඇත.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මඟින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතල මත මෙම අතුරු කමිටුව පත් කොට ඇත. මෙම අතුරු පාලක කමිටුව අද සිට බලාත්මක වන අතර පෙර පැවති පාලක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවා ඇත.