වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමත් විදිනයේදී සමත් වුණා. ඒ නැමිබියානු කණ්ඩායම ලකුණු 77 කින් පරාජයට පත් කරමින්. ඒ අනුව ශ්‍රී ලංකාවේ දහනමයෙන් පහළ කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් සුපිරි හය දෙනාගේ තරඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

තරගෙ කාසිය වාසිය දිනූ නැමීබියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට තිස්හතයි පන්දු පහක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකිවේ ලකුණු 133 පමණයි. එහි දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණ ලාභියාවූ සුපුන් වඩුගේ පන්දු 79ක් තුළ හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු 59ක් රැස් කළා. නැමිබියාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ වෑන් වූරේන් ලකුණු 23කට කඩුලු 4ක් ද ඩිවිලියස් කඩුලු 3ක් ද දවාගැනීමට සමත් වුණා.

ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන නැමීබියා පිතිකරුවන්ට ද සාර්ථක වන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ නොතැබීය. නැමීබියානු මුල් පෙළ පිතිකරුවන් අට දෙනාගෙන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු දහයේ සීමාව පසු කිරීමට අවකාශය හිමි නොවීය. පන්දුවාර 27ක් තුළ ප්‍රතිවාදී සියලු ක්‍රීඩකයන් ලකුණු 59කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. එහිදී රවිෂන් පෙරේරා ලකුණු තුනකට කඩුලු තුනක්ද, විශ්ව ලහිරු ලකුණු 19 ට කඩුලු තුනක්ද, දිනුර කලුපහන ලකුණු අටට කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් විය. තරගය වීරයා ලෙසින් සම්මානයට පත්වූයේ සුපුන් වඩුගේ යි.