දින 13ක තරග සංචාරයක් සදහා එක්වන සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 7වනදා එනම් අද දිනයේදී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. ක්‍රීඩකයන් 40ක් පමණ මෙම සංචාරයට එක්වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් සිදුකරන අතර පුහුණු තරග ද ක්‍රීඩා කිරීමට නියමිත ය.

වවයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩයේ හා වයස අවුරුදු 18න් පහළ බාලිකා ලෙස කාණ්ඩ 3ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට පැමිණීමට නියමිතය. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණු කාර්‍ය මණ්ඩලය හෙට දිනයේදී මෙරටට ලගා වන අතර ඔවුන් පෙබරවාරි මස 19වනදා තෙක් මෙරට රැදී සිටිනු ඇත.

මෙම තරග සංචාරයට පෙර සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් සභාපති ශ්‍රීමත් මයිකල් බාබර් සදහන් කොට සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව අතින් මෙන්ම සංස්කෘතික වශයෙන්ද මෙම තරග සංචාරය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපූරු අත්දැකීමක් වනු ඇති බවයි.