එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත.

මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. හිටපු ක්‍රීඩකයන් හා විචාරකයන් පාකිස්තාන සංචිතයේ වෙනස්කම් විය යුතු බවට ප්‍රකාශ කොට සිටියහ.

ඒ අනුව අද දිනයේදී වෙනස්කම් සහිතව ඉදිරිපත් කළ පාකිස්තාන සංචිතයට හිටපු නායක ශෆ්‍රාස් අහමඩ් කැදවා ඇත. මීට අමතරව හයිඩර් අලිද පාකිස්තාන සංචිතයට කැදවා ඇත. ඔවුන් දෙදෙනා සංචිතයට කැදවා ඇත්තේ අසාම් ඛාන් හා මොහොමඩ් හස්නේන් වෙනුවටය. එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් සංචිතයේ සිටි ෆකර් සමාන්ද අවසන් ක්‍රීඩකයන් 15ට කැදවා ඇත. කුෂ්දිල් ශාහ් වෙනුවට මෙලෙසින් ෆකර් සමාන් කැදවා ඇත.

නව පාකිස්තාන සංචිතය

Babar Azam (captain )

Shadab Khan (vice-captain)

Asif Ali

Fakhar Zaman

Haider Ali

Haris Rauf

Hasan Ali

Imad Wasim

Mohammad Hafeez

Mohammad Nawaz

Mohammad Rizwan (wicketkeeper)

Mohammad Wasim Jnr

Sarfaraz Ahmed (wicketkeeper)

Shaheen Shah Afridi

Sohaib Maqsood

Traveling reserves

Khushdil Shah , Shahnawaz Dahani and Usman Qadir

Creeda Sports Network