අන්තර් සමාජ රග්බි තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමුව ලීග් තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශූරතා කුසලානය හා පළග ශූරතාවය සදහා වන තරග පපැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය දෙසැම්බර් මස 1වැනිදා පස්වරු 6.30ට හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

එතැන් පටන් පුරා සති 7ක් මුලුල්ලේ සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දිනයන්හිදී තරග 4 බැගින් පැවැත්වෙන අතර ජනවාරි මස 21 වැනිදායින් මූලික වටය අවසන් වනු ඇත. ඉන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් හතර ශූරතා කුසලානය වෙනුවෙන් ද ඉතිරි කණ්ඩායම් හතර පළග ශූරතාවය වෙනුවෙන් ද තරග වදිනු ඇත. මෙවර තරගාවලියට තරග 40ක් ඇතුළත් වන අතර පෙබරවාරි මස 18 වැනිදායින් තරගාවලිය අවසන් වනු ඇත.

තරගාවලියේ කාලසටහන

දෙසැම්බර් 01 – හැව්ලොක් හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 02 – පොලිස් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ / යුධ හමුදා සහ CR&FC ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 03 – මහනුවර සහ CH&FC ක්‍රීඩා සමාජ

දෙසැම්බර් 08 – නාවික හමුදා සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 09 – පොලිස් සහ CR&FC ක්‍රීඩා සමාජ / යුධ හමුදා සහ මහනුවර ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 10 – හැව්ලොක් සහ CH&FC ක්‍රීඩා සමාජ

දෙසැම්බර් 15 – CR&FC සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 16 – CH&FC සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ / යුධ හමුදා සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 17 – මහනුවර සහ පොලිස් ක්‍රීඩා සමාජ

දෙසැම්බර් 22 – යුධ හමුදා සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 23 – පොලිස් සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ / CH&FC සහ CR&FC ක්‍රීඩා සමාජ
දෙසැම්බර් 24 – මහනුවර සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ

ජනවාරි 5 – පොලිස් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජ
ජනවාරි 6 – ගුවන් හමුදා සහ CH&FC ක්‍රීඩා සමාජ / නාවික හමුදා සහ CR&FC ක්‍රීඩා සමාජ
ජනවාරි 7 – මහනුවර සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ

ජනවාරි 12 – ගුවන් හමුදා සහ යුධ හමුදා ක්‍රීඩා සමාජ
ජනවාරි 13 – හැව්ලොක් සහ CR&FC ක්‍රීඩා සමාජ / නාවික හමුදා සහ මහනුවර ක්‍රීඩා සමාජ
ජනවාරි 14 – පොලිස් සහ CH&FC ක්‍රීඩා සමාජ

ජනවාරි 19 – හැව්ලොක් සහ නාවික හමුදා ක්‍රීඩා සමාජ
ජනවාරි 20 – ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජ / යුධ හමුදා සහ CH&FC ක්‍රීඩා සමාජ
ජනවාරි 21 – මහනුවර සහ CR&FC ක්‍රීඩා සමාජ